Pages

Java Platform & Edition

Java Platform                                                

         ඕනෑම පරිගණක වැඩසටහනක් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය Hardware සහ Software පරිසරය Platform යනුවෙන් හඳුන්වයි. Software Platform වලට උදාහරණ ලෙස Microsoft Windows OS , Apple Mac OS , Linux , Solaris ගත හැකිය. බොහාමයක් Platform, Hardware සහ Software වල එකතුවකින් සැදී තිබේ. නමුත් ජාවා එසේ නොමැත. ජාවා Platform එක තනි ඇත්තේ Software වලින් පමණි.
ජාවා අනෙකුත් Hardware මත පදනම් වූ Platform මත ක්‍රියාත්මක වේ.
ජව Platform කොටස් 2කි.

  1. Java Virtual Machine (JVM)
  2. Application Programming Interface (API)
 API යනු විවිධ හැකියාවන් සහිත මෘදුකාංග උපාංග කට්ටලයකි.මේවා විවිධ Interface සහ classes යටතේ වර්ග කොට තිබේ.ජාවා යටතේ එන Access Package යනු මේවයි.

JVM සම්බන්දව Java Structure යටතේ සාකච්චා කරමු.

Java Edition

         ජාවා සංස්කරණ 3ක් දැනට හඳුන්වා දී ඇත.
1. J2SE -  Java 2 Platform Standard Edition 
                
                සාමාන්‍ය පරිගණක වැඩසටහනක් ක්‍රියාත්මක කරවිම සඳහා පමණක් අවශ්‍ය දැනුම ලබා ගත හැකි වන ආකාරයට නිපදවා ඇත.
උදා:                       GUI Programming (Graphic User Interface)
                              Input & Output
                              Network
                              XML
                              Cobra
                              applets
                              Java Beans
                              Security 
                              Database   
           මේ සඳහා නිදසුන් වේ. මේ එකින් එක අප ඉදිරියේදී කතා කරමු

2. J2ME -  Java 2 Platform Micro Edition
                 
                  ප්‍රධාන වශයෙන් ඉලෙක්ට්‍රොනික උපකරණ වලට සකසා ඇති විවිධ application නිපදවා ඇත්තේ මෙම Java ME මගිනි. ජංගම දුරකථන, රැහැන් රහිත විවධ උපකරණ , PDA , etc. ආදී උපකරණ වලට අවශ්‍ය application නිපදිවිමට මෙම Java ME යොදාගනී. මා ඉහතදී ප්‍රකාශ කළා මෙන් ලොව පුරා ඇති ජංගම දුරකථන 3 8000 000ක්ම ක්‍රියාත්මක වන්නේ මෙම ජාවා ME වැඩසටහන් වලින් ලියූ application වලිනි.

3. J2EE - Java 2 Platform Enterprise Edition 
              
               අන්තර්ජාලය හා සම්බන්ධව ක්‍රමලේඛන කිරීමට J2EE යොදා ගනී.මෙය උදාහරණ සැපයු විට ගොඩක් පැහැදිලි වනු ඇත.
උදා:
                             Java Server Pages (JSP)
                             Java Database Connectivity (JDBC)
                             Extensible Markup Language (XML)
                             Java Naming and Directory Interface (JNDI)
                             Java Transaction Service (JTS)
                             Java Transaction API (JTA)
                             Java Messaging Service (JMS)
                             Java IDL
                             Java Mail
                             Java Web Service
              ඔන්න ඕවා තමයි උදාහරණ. උදාහරණ දුන්නට පස්සේ තේරේවි කිව්වට අලුතෙන් ඉගෙන ගන්න කෙනෙක්ටනම් මේවා නිකන් මැජික් වචන වගේ ඇති නේද, බය වෙන්න එපා මමත් ඉගෙන ගන්න හදපු මුල්ම දවස් වල ඔහොමම තමා. ඔක්කොම නිකන් Harry Potter වගේ. ඉස්සරහට මේ ඔක්කොම එකින් එක මම පැහැදිළි කරනවා උදහරනත් සමගම. හොඳයි ලබන පොස්ට් එකෙන් හමුවෙනකන් ආයුබෝවන්.


ආ කොමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.


අන්තර්ජාලය, Wikipedia, පරිගණක සඟරා අශ්‍රයෙනි 

                             





3 comments:

  1. හොදයි ආහ!

    ReplyDelete
  2. හොදයි ආහ!

    ReplyDelete
  3. ගොඩක් හොදයි...මේ වන් උපකාරයක් ලබා දුන් ඔබට ගොඩක් ස්තුතියි ‍ගෝඩක් පිං(අපේ රටේ මේ ජාවා කොස් එකක් කර ගන්න අපි වන් තරුණයින් ගොඩක් ආසයි..එත් ඒ තරම් මුදලක් අපට නෑ)ඉතින් අපේ රටෙත් බුද්ධිමත් දරු පරපුරක් ඇති කිරිමට වෙර දරන ඔබට හද පත්ලෙන්ම සුබ පතනවා.....මෙම වැඩ සටහන ඉදිරියටත් කරගෙන යන්න ඔබට සුභ පතනවා...

    ReplyDelete