Pages

Java Data Types

කොහමද ඉතින් කට්ටියට.මම හිතනවා ගිය පාඩම කට්ටියට හොඳට තේරුම් යන්නැති කියලා.එහෙනන් අද පාඩම ඩේටා ටයිප්ස් ගැනයි.

මොනවද මේ Data කියන්නේ.

  1. A Place (ස්ථානයක්)
  2. A name (නමක්)
  3. A number (අංකයක්)
මේ වගේ ඕනෑම දෙයක් data එකක් යනුවෙන් ගන්න පුළුවන්.

කොහමද පරිගණකය data හඳුනා ගන්නේ.




පරිගණක දෘඩාංග කියන්නේ මොනවද 



දෘඩාංග සාමාන්‍යයෙන් කොටස් 2කට බෙදෙනවා  
1.Primary storage
                   1. Volatile
                   2. RAM

2.Secondary storage
                   1. Non-volatile
                   2. Hard disks

RAM එක කොහමද වැඩකරන්නේ කියලා දන්නවද 

Binary

මොනවද මේ Binary කියන්නේ. data එකක කුඩාම අවස්ථාව binary යනුවෙන් හඳුන්වන්න පුළුවන්. A කියන  අකුරට අදාළ binary එක මොකක්ද කියලා ඇහුවොත් කොහමද අපි දැනගන්නේ. එකට අපිට දැනගන්න වෙනවා ASCII ගැන. මොනවද මේ ASCII කියන්නේ. American Standard Code for Information Interchange කියන්නේ එකට තමා. ඒ කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ සෑම අකුරකටම ජාත්‍යන්තර වශයෙන් code එකක් දීලා තියෙනවා.එකට තමයි ASCII කියන්නේ. දැන් ඉතින් බය වෙන්න එපා අය්යෝ මේකත් කට පාඩම් කරන්න වෙයිද කියලා.එහෙම වෙන්නේ නැ. මොකද මේක ගැන අපිට වැඩක් නැ.හැබැයි දැනගෙන හිටියම ඇති. අදාළ අකුරු වලට මොනවද ASCII code කියලා දැනගන්න මෙතනට ගිහිල්ල බලලා එන්න.

ඉතින් මම උදාහරණයකට A ගන්නම්. A = 65 (ASCII code)

දැන් අපිට පුළුවන් A වල binary හොයන්න.
මෙන්න මෙහෙමයි හොයන්නේ.පොඩි කාලේ වගේ 2න් බෙදාගෙන බෙදාගෙන යන්නයි තියෙන්නේ.


                                                                   A bit = 1000001  
                                                                              7 bits

අපි මේක 8 bits වලට හැරෙව්වම    A = 01000001    --   >  8 bits

දැන් බලමු කොහමද binary එක A බවට පත් කරගන්නේ කොහමද කියලා.


What is a Variable  (Variable කියන්නේ මොනවද )

variable = වෙනස් වන දෙයකට තමයි අපි variable කියලා කියන්නේ.
නමුත් පරිගණක භාෂාවේදී variable යනු RAM එක මත රඳවා ගන්නා temporary memory allocation එකකටයි.

x = 100 
y = 50 
I = 25
x = 10
x = 0 
y = 25.9

මේවට තමයි variable කියලා කියන්නේ. මෙහි x , y , I කියන්නේ variable වේ. මේවයේ අගයන් 0 සිට අනන්තය දක්වා ලිවිය හැක.

Variable වර්ග 

Variable වර්ග ප්‍රධාන වශයෙන් කොටස් 2 ක් පවතී.මේවා ඒවාට අදාළ bites අනුව වර්ග කර ඇත.
1.Variable with Decimal points
2.Variable without Decimal points

  

තවත් variable 2 ක් තිබෙනවා 

Data Type Order

අපට මතක තියාගන්න වෙන්නේ මේවයේ අනුපිලිවෙලට මම එය පහලින් දාන්නම්.එයනම් කටපාඩමේ තියාගන්න වෙනවමයි. :D


 click on picture to enlarge 

compatible incompatible මම තව ඉදිරියේදී සාකච්චා කරනවා.දැනට මතක තියාගන්න.

හොඳයි දැන් අපි මේක practical කරලා බලමු.
ගන්න notepad

______________________________________
class Day2ass1  {
public static void main (String args[]) {

            //  variable declaration   allocte 8bits for x
  byte x ; 
          
           //  variable initialization
 x = 10 ;         

    System.out.println ( x )  ;

            }
    }

_____________________________________________

බලමු මෙතන මොකද වෙන්නේ කියලා.

x කියන variable එක byte data type එකක් විදියට මම මෙතන declare කරලා තියෙනවා.
(x byte ආකාරයේ data type එකක් නිසා x සඳහා ram එක මගින් ලබාගන්නා ඉඩ 8bite තරම් කුඩා වේ.)

ඊට පසුව x අදාලව 10 ක් initialization කරලා තියෙනවා.
දැන් x ව මම print කරනවා. 


ඉහත declaration එක සහ initialization කිරීම කර ඇත්තේ පේලි 2 කට වන සේ නේද. නමුත් මට එය මෙලෙසද ප්‍රකාශ කළ හැක.
_____________________________________________
class Day2ass2 {
public static void main (String args [ ] ) {

 byte x=10 ;
 
System.out.println(x) ;
        }
}

_____________________________________________

දැන් මේ වගුව අධ්‍යනය කරන්න.

මේ අභ්‍යාස අධ්‍යනය කරන්න.

_____________________________________________
class Day2ass3{
public static void main (String args[]) {

boolean b = true;   //   boolean යනු true හෝ false value ලබාදේ.
byte x=20;
short s= 56;
char c= 'A'  ;         //   single quote use only Charachters
int i=256 ;
long l=1611 ;
float f=25.5f ;
double d=56.32 ;
System.out.println(b);
System.out.println("........................");
System.out.println(x);
System.out.println("........................");
System.out.println(s);
System.out.println("........................");
System.out.println(c);
System.out.println("........................");
System.out.println(i);
System.out.println("........................");
       }
  }
_____________________________________________
output

_____________________________________________

public class Day2ass4{
public static void main (String args[]) {
byte x=128 ;         //this type cannot be done. error= "possible loss of precision"

System.out.println(x);

byte x=10 ;           // this type cannot be done. 'cause data declration doing up to down
        }
}

_____________________________________________

ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ නිතරම උඩ සිට පහලට. up to bottom 
මේ රන් කරන කෙනාට කියන්නේ ප්‍රෝග්‍රෑම් කොන්ට්‍රොලර් කියලා. ( program controller )

මතක ඇති නේද data type order එක. බලන්න byte ට පුළුවන් උපරිම තියාගන්න 8bits ක් පමණි.මෙතන byte 128 bits තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ 128 අපට initialize කරන්න byte යොදා ගන්න බැහැ කියන එක.එහෙනන් byte ට වඩා වැඩි එත් එච්චරම වැඩි නොවන data type එකක් තෝරා ගත යුතුය.

බලන්න එන error එක මොකක්ද කියලා


required : byte
found : int
ඒ කියන්නේ අපි initialize කරපු value එක int value එකක්. නමුත් program controller ඉල්ලන්නේ byte value එකක්. එනිසා මෙතැනදී අපිට යොදාගත හැකි හොඳම data type එක int වේ.

public class Day2ass4{
public static void main (String args[]) {
 int x=128 ;         

System.out.println(x);

int x=10 ;           
        }
}

දැන් රන් කර බලන්න.
_____________________________________________
class Day2ass6{
public static void main (String args[]) {

// automatic type conversion

byte b=10; 
int i=b; 

System.out.println(i); 
}
  }


_____________________________________________
මේ වගේ program වලට කියන්නේ automatic type conversion කියලා.
_____________________________________________
public class Day2ass7{
public static void main (String args[]) {

int i=10 ; 
byte b=i ;      // error= possible loss of precision
System.out.println(b); 
}
}

_____________________________________________
ඔන්න මෙතැනදී තමයි අපි පරිස්සම් වෙන්න ඕන.
මම කිව්වනේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ නිතරම උඩ සිට පහලට. up to bottom 
ඉතින් ඇයි මෙතන වරද. 
program controller මුලින් read කරන්නේ int data type එක පසුව byte Type එකක් read කරනවා.

මම ඉස්සෙල්ල කිව්වා නේද data type order එක ගැන. එහි අනුපිලිවෙලට program එකෙත් up to bottom තියෙනවනම් ඒ program එක compatible කියලා කියනවා. 
එත් කරුමෙට හරි අනුපිලිවෙල වෙනස් වෙන විදියට Program එකේ තිබුනොත් ප්‍රෝග්‍රෑම් කොන්ට්‍රොලර් ට මේ program එක incompatible වෙනවා.
ඒ නිසා මෙය error එකක් විදියට p c අපට කියනවා. 
මෙය මේ විදියටම තියාගෙන අපට නිවැරදි කරගැනීමේ ක්‍රමයක් තියෙනවා. 
එයට කියන්නේ casting කරනවා යනුයි.
එය මේ ආකාරයෙනුයි කරන්නේ.
_____________________________________________
public class Day2ass8{ 
public static void main (String args[]) {
int i=10; 
byte b=(byte) i ;     //casting  (byte size < int size)
System.out.println(b);  
}
}

_____________________________________________

හොඳයි මම හිතනවා අද අමාරුවක් වෙන එකක් නැ කියලා.කට්ටියම කරලා බලලා අමාරු තැන් මට කියන්න.
ලබන පාඩමෙන් හමුවෙමු







ජාවා වල මුලික නීති

ජාවා වල නීති කිහිපයක් පවතී.ඒවා මෙසේය.  

1.ජාවා වැඩසටහනක public class එකක්ද එය තුල main class එකක්ද තිබිය යුතුය.


2.public class එකේ  නම සෑම විටම File name (save කරන නම) එකට සමාන විය යුතුය.     උදාහරණයක්‌ ලෙස පහුගිය පාඩමේ save කරන ලද නම ගමු.එහිදී FirstLesson යනුවෙන් ලබා දී ඇත. මෙහි මුල් අකුර capital වනවා වගේම මැද අකුරද capital වේ. එය එලෙසම save කරන විට ලබාදිය යුතුය. 


3.public class එක තුල main class එක පිහිටුවන ප්‍රධාන කේතය 
public static void main (String args [ ] )      JVM එකෙන් කෙලින්ම සොයා ධාවනය කරන්නේ මෙම main class එකයි. ඉදිරි පාඩම් වලදී මෙය ඉතා හොඳින් පැහැදිළි වනු ඇත.


4.class එකක් ආරම්භ කළ යුත්තේ ඉංග්‍රීසි අකුරකින් පමණකි. එය capital වීම අත්‍යවශ්‍ය නොවේ. ඉලක්කම් භාවිතා කළ හැක්කේ පළමු අකුරට පසුව පමණි.


5.class name එකක් සෑම විටම තනි වචනයක් විය යුතුය.වචන අතර හිස්තැන් භාවිතා කළ නොහැක. විශේෂ සලකුණු (@ , + , " " ,...) කිසිවක් භාවිතා කළ නොහැකි අතර _ සලකුණ පමණක් භාවිතා කළ හැක.








පින්තුරය ලොකුවට බලන්න ඒ මත click කරන්න 

ලබන පාඩමෙන් ජාවා වල මුලික දත්ත ආකාර පිළිබඳව ඉගෙන ගමු

ජාවා සරළම වැඩසටහනක් ලියමු

                                           ඔන්න ඉතින් අද වැඩ පටන් ගමු.මම අද කියල දෙන්න හදන්නේ සරළම ජාවා වැඩසටහනක් ලියන්නේ කොහමද කියල.හොඳයි පසුගිය පාඩමෙන් මම කිව්වනේ කොහමද ජාවා JDK Install කරගන්නේ සහ java path එක හදාගන්නේ කොහමද කියල.මතක නැත්නම් ආයෙත් මෙතනට ගිහිල්ල බලලා එන්න.මොකද අද ගොඩක් වැදගත් වෙනවා අර පාත් එක හදාගන්න එක.නැත්නම් ලොකු අමාරුවක වැටෙන්නේ. :D
අද පාඩමට වුවමනා වෙනවා අපි හැමෝම හොඳින් දන්න දෙයක්. Notepad. ඔන්න ඕකෙන් තමයි ඉගෙන ගන්නකම් කරන්න හොඳ.වෙන හේතුවක් නිසා නෙමෙයි.අපි Hard code කරන තරමට තමයි අපිට මතක හිටින්නේ.

Notepad එක අරගෙන මේ විදියට type කරන්න.

class FirstLesson  {
           
               public static void main ( String args[] ) {
         
               System.out.println ( " Hallo kohamada" ) ;

                }

    }

දැන් FirstLesson.java යන නමින් ඔයාලට ඕන තැනක save කරගන්න.මතක ඇතිව Encoding එක ANSI දෙන්න අමතක කරන්න එපා.මොකද ජාවා platform එක Unicode කියන දේ දන්නේ නැ. Unicode දාන්න වෙනම ක්‍රම තිබෙනවා ඒවා ඉදිරියට කියලා දෙන්නම්.

දැන් Command Prompt එක open කරගන්න(cmd එක ගන්න හැටි කියල දීලා ඇත්තේ ආයේ නැහැයි කියන්න එපා) .ඔයාල File එක save කරපු තැනට path එක හදාගන්න. මෙන්න මෙහෙමයි කරන්නේ. මම හදල තියෙන විදියට මම කියල දෙන්නම්.



මම මගේ FirstLesson කියන java file එක save කරලා තියෙන්නේ J: partition  -> My Working Folder -> Java Folder -> Java 32 Folder  -> Day 1 කියන folder එක ඇතුලේ.ඉතින් ඔය විදියට type කර කර ඉන්න එක එක පාරයි කරන්න ඕන.ඊට පස්සේ දිගටම ඕක ඇතුලේ වැඩ ටික කරාම හරි.windows 7 වල නම් ඔය දේට ලේසි ක්‍රමයක් තියෙනවා අදාළ folder එක ඇතුලේ Shift එක සමග mouse right click කරාම එන drop down menu එකේ තියෙනවා open command prompt here කියල.එක click කරාම හරි.

ජාවා වල compiler එකට කියන්නේ javac කියලා. ඉතින් අපට compile කරන්න වෙන්නේ javac මගින්.
මෙහෙමයි කරන්නේ.
( මතක ඇති නේද java permanent path set කරනකොට මම කිව්වා ඇයි කියලා කරන්නේ.නැ මම එතැනදී කිව්වේ නැ.දැන් තමයි කියන්නේ. javac, java කියන වචන cmd එක දන්නේ නැ.ඒ නිසා අපි save කරන හැම file එකක්ම save කරන්න වෙන්නේ අර කියපු bin folder එක ඇතුලේ,එහෙම කරන එක කරදර නිසා තමයි අපි permanent path එක set කරගත්තේ.ඒ නිසා අපේ පරිගණකයේ ඕනෑම තැනක file save කරලා අපේ වැඩ කරගන්න පුළුවන්.)

javac  FirstLesson.java කියලා type කරලා enter කරන්න.මම කියපු විදියට කරානම් අයෙත් මම photo එකේ දාලා තියෙන විදියට එන්න ඕන.නැත්නම් මොකක් හරි Error එකක් ඒවි,ඒක කියවල බලලා වැරැද්ද හදා ගන්න.නැත්නම් මට comment එකක් විදියට එවන්න.

ඊට පස්සේ
java  FirstLesson    කියලා type කරලා enter කරන්න.  Hallo kohamada මේක  cmd එකේ ඇවිල්ල තියෙන්න ඕන.වැඩේ හරිද.නැත්නම් අයෙත් කරලා බලන්න.

මෙන්න මෙහෙමයි coding එක විස්තර කරනවනම්.

1.
2.


3.
4.


5.

අපි මේ වැඩ කරන අතරේ බලන්න අපි java file එක save කරපු තැන තව මොනවද හැදිලා තියෙන්නේ කියලා.   FirstLesson.class කියලා file එකක් ඇති. මගේ මුල් පාඩම් මතක නම් මේක දන්නවා ඇති.open කරලා බලන්න තේරුම් ගන්න පුලුවන්ද කියලා.

මං හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා මොනවා හරි ගැටළුවක් තියෙනවා නම් comment කරන්න.

අද පාඩම මෙතනින් ඉවරයි.ඉතින් ඔයාලත් මේවා කරලා බලන්න.එක එක විදියට කරලා බලන්න.

ජාවා වල rules ටිකක් තියෙනවා එක මම අනෙත් පාඩමෙන් කියලා දෙන්නම්.අද ගොඩක් type කරානේ.
හොඳයි try කරලා බලන්න.
මම උදාහරණයක්‌ දීලම යන්නම්කො.මෙන්න


public class FirstLesson {
          public static void main (String args[]) {                                                        


System.out.println ("****************************************************");
System.out.println ("**************   *************************************");
System.out.println ("*************  *  ************************************");
System.out.println ("************  ***  ***********************************");
System.out.println ("***********  *****  **********************************");
System.out.println ("**********  *******  *********************************");
System.out.println ("*********  *********  ********************************");
System.out.println ("********                          *******************************");
System.out.println ("*******  *************  ******************************");
System.out.println ("******  ***************  *****************************");
System.out.println ("*****  *****************  ****************************");
System.out.println ("****  *******************  ***************************");
System.out.println ("***  *********************  **************************");

}
}








ජාවා පටන් ගමු

     හොඳයි අද ඉඳන් මම නිල වශයෙන් ජාවා පටන් ගන්නයි හදන්නේ. මගේ මුලික අරමුණ අලුතෙන් මේ ක්ෂේත්‍රයට එන පැන්චෝ පැන්චියන්ට ගෙදර ඉඳන් තනියම ජාවා ඉගෙන ගන්න තරම් දැනුමක් ලබා දීමටයි. මොකද මම ඒ කට්ට ගොඩක් කාලා තියෙනවා. තනියම ඉගෙන ගන්නවා කියන්නේ හරිම දක්ෂ වැඩක්. ගොඩක් කට්ටියට කියල දීලත් තේරුම් නොගන්න මේ කාලේ තනියම නැගිටින්න දගලන අයට මෙන්න මගෙන් පුංචි තල්ලුවක්.කතා ඇති වැඩ පටන් ගමු.

ජාවා වැඩ පටන් ගන්න කළින් කළින් පාඩමක් පොඩ්ඩක් මතක් කරන්න වෙනවා. ඔයාලට මතක නම් Platform ගැන මම කිව්වා ජාවා කියන්නේ Software මත පදනම් වූවක් කියල. එහෙනන් මොකක්ද අපි මුලින්ම කරන්න ඕන.ජාවා වලට අදාල Platform එක අපි අපේ පරිගණකයට Install කර ගත යුතුය.

මේ සඳහා කළින් නම් Sun දැන් නම් Oracle වෙබ් සයිට් එකෙන් අපිට ෆ්‍රී Software එකක් බාගන්න වෙනවා.එකට කියන්නේ JDK (Java Development Kit) යනුවෙනි.
මෙන්න මේ Link එකෙන් ඔයාලට දැනට තියෙන අලුත්ම Version එක  බාගන්න පුළුවන්.මේ Link එකට ගියාට පස්සේ ඔයාලට පෙනේවි මෙන්න මේ වගේ Radio Button එකක් අපිට tick කරන්න.මෙහි Accept Licence Agreement එකට tick කරලා පහලින් තියෙන Product එකට අදලාව ඉදිරියෙන් ඇති Download Button එක click කරන්න. 

 ඔයාලා පාවිච්චි කරන Windows Version එක අනුව, ඒ කියන්නේ (ගොඩක් අය windows OS පාවිච්චි කරන නිසා) 32bit ද නැත්නම් 64bit ද යනුවෙන් තෝරාගෙන බාගන්න.මොකද අපි සාදන Software එක 32bit ද නැත්නම් 64bit ද යනුවෙන් තීරණය කරන්නේ මෙන්න මේ  JDK Tool එක මගිනි.හේතුව වඩාත් පැහැදිළි කරන්නම් මුල්ම ජාවා program එක රන් කරනකොට.

Download කරගත් පසු මෙය Install කරගන්න.
ඊට පස්සේ තියෙන්නේ වැදගත්ම කොටස. මේකට කියන්නේ ජාවා පාත් එක සකස් කරනවා කියල.ඇයි කියල කියන්නේ 64bit සමග 32bit පැහැදිළි කරනකොටයි.

හොඳයි මම මේ කියන විදියට පාත් එක හදහන්නකෝ.


01). C Drive එකේ (ඒ කියන්නේ windows ස්ථාපනය කර ඇති partition එක) ජාවා bin ගොනුවේ ලිපිනය ලබාගන්න.windows 7 නම් ස්ථාපනය කර ඇත්තේ අදාල ලිපිනය  C:\Program Files\Java\jdk1.6.0_23\bin

02). එම ලිපිනය copy කරගන්න.

03). ඉන්පසු පරිගණකයේ My Computer Right click කර ලැබෙන drop down menu එකෙන් properties තෝරන්න  (නැත්නම් key board එකෙහි windows logo key සමග Pause/Break button ඔබන්න.)

04).ලැබෙන window හි වම් පැත්තේ ඇති Advanced System Settings click කරන්න.

05). system properties නමින් window  එකක් ලැබේවි.

06). එහි පහලින් ඇති Environment Variables click කරන්න.

07). ලැබෙන Environment Variables වින්ඩෝවෙහි පහලින් ඇති System Variables නමින් අදාලව පහල ඇති scroll menuවෙන් path යන්න තෝරාගන්න.එය තෝරා පහලින් ඇති Edit tabය ඔබන්න. නැතිනම් path යන්න double click කිරීමෙන්ද edit කෙලින්ම ලබා ගත හැක.

08). එවිට Edit System Variable නමින් වින්ඩොව් එකක් ලැබේ.එහි variable value එක ඉදිරියෙන් ඇති ලිපිනය එලෙසම තබාගෙන ඉන් ඉදිරියෙන් ; මෙම සංකේතය යොදන්න.

09).   "  ; " මෙම සංකේතය යොදා ඉන් ඉදිරියට 03) දී copy කරගත් ලිපිනය
(C:\Program Files\Java\jdk1.6.0_23\bin) paste කරන්න.

10). දැන් වැඩේ 90%ක් ඉවරයි.දැන් සියලුම වින්ඩෝ ok කරමින් එකින් එක වසා දමන්න.

11). දැන් අපි බලමු ජාවා සඳහා පරිගණකය සුදානම්ද කියා.ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.

12). මුලින්ම run කොන්සෝලය විවර්ත කරගන්න. මේ සඳහා key board එකෙහි widows logo key සමග R key එක ඔබන්න.

13). ලැබෙන run කොන්සොලයෙහි cmd නම type කරන්න.
(මෙය තවත් ක්‍රමයකින් ලබා ගත හැක.එනම් Start -> All programs -> Accessories -> Command Prompt )

14).  ලැබෙන Command Prompt එකේ java යනුවෙන් type කර enter key එක ඔබන්න.එවිට දිග විස්තරයක් එනවනම් වැඩේ හරි,  "java" is not recognized  as an internal external command, ....... මෙන්න මේ වගේ එනවනම් වැඩේ හරි ගිහිල්ල නැ පුතෝ.ඒ කියන්නේ හරියට පාත් එක සකස් වෙලා නැ.එහෙනන් මොකක්ද කරන්නේ.අයෙත් මුල ඉඳන් 01) ඉඳන් කරගෙන එන්න.

ලබන පාඩමෙන් අපේ මුල්ම ජාවා program එක run කරමු.

comment එකක් දාලා යන්න.

Java Structure


                                              ජාවා වලදී සියලුම source code  ලියනුයේ *.java extension සහිතවය. ඉන්පසු මෙය compile කළ යුතුය. එහිදී *.class ලෙස හඳුන්වන ගොනු බවට compile වේ.එය compile කරන ජාවා තුලම තිබෙන මෘදුකාංගය හඳුන්වන්නේ java compiler නමිනි.

Code එක අඩංගු වන්නේ *.java ගොනුව තුලයි. *.class ගොනුව තුල අඩංගු වන්නේ bytecodes ලෙස හඳුන්වන තොරතුරු සමුහයකි. එය bytecode binary application එකකි. මෙය අතරමැදි අවස්ථාවකි,එනම් *.exe ගොනුවක් සේ windows මත කෙලින්ම ක්‍රියාත්මක කළ නොහැක. 
( bytecode යනු java VM එකට හඳුනා ගත හැකි තොරතුරු සැකසුමකි. එනම් machine language එකකි.මෙය මගින් අප භාවිතා කරන  Operating System එකකට ( platform එකට ) වටහා ගත හැකි ආකාරයට වැඩසටහන නැවත සකසයි. )  

මෙය ධාවනය කිරීමට විශේෂ පරිසරයක් අවශ්‍ය වේ.එය JRE (Java Runtime Environment) වේ.  මෙය මෙහෙයුම් පද්ධතියෙන් පද්ධතියට වෙන වෙනම Download කර Install කර ගැනීමෙන් පසු ජාවා වලින් සැදු bite code application එක ධාවනය කළ හැක.

මෙම *.class file එක පරිගණකයට වැටහ ගත හැකි ආකාරයට සකසා ගැනීම කළ යුතුය.එය සිදු වන්නේ ජාවා වර්චුවල් මැෂින් (JVM - Java Virtual Machine) හෙවත් Java VM එක මගිනි.
Java VM විවිධ Operating System සමග ක්‍රියාත්මක වේ. ( Windows, Apple Mac, Linux Base OS )

මෙය කළින් සඳහන් කළ JRE එක තුල පවතී.මෙය තුල Java instruction set හා memory manipulation යන කොටස් දෙක අඩංගු වේ. ජාවා වල ඇති ඕනෑම Operating System එකක් මත ධාවනය වීමේ පහසුකම සහ  Hardware වෙනස්කම් වලින් බාධා නොවීමේ ගුණය ඇති කරදෙන්නේ JVM කොටසේ ක්‍රියා කාරිත්වය මගිනි. 





අන්තර්ජාලය, Wikipedia, පරිගණක සඟරා අශ්‍රයෙනි 
   




Java Platform & Edition

Java Platform                                                

         ඕනෑම පරිගණක වැඩසටහනක් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය Hardware සහ Software පරිසරය Platform යනුවෙන් හඳුන්වයි. Software Platform වලට උදාහරණ ලෙස Microsoft Windows OS , Apple Mac OS , Linux , Solaris ගත හැකිය. බොහාමයක් Platform, Hardware සහ Software වල එකතුවකින් සැදී තිබේ. නමුත් ජාවා එසේ නොමැත. ජාවා Platform එක තනි ඇත්තේ Software වලින් පමණි.
ජාවා අනෙකුත් Hardware මත පදනම් වූ Platform මත ක්‍රියාත්මක වේ.
ජව Platform කොටස් 2කි.

  1. Java Virtual Machine (JVM)
  2. Application Programming Interface (API)
 API යනු විවිධ හැකියාවන් සහිත මෘදුකාංග උපාංග කට්ටලයකි.මේවා විවිධ Interface සහ classes යටතේ වර්ග කොට තිබේ.ජාවා යටතේ එන Access Package යනු මේවයි.

JVM සම්බන්දව Java Structure යටතේ සාකච්චා කරමු.

Java Edition

         ජාවා සංස්කරණ 3ක් දැනට හඳුන්වා දී ඇත.
1. J2SE -  Java 2 Platform Standard Edition 
                
                සාමාන්‍ය පරිගණක වැඩසටහනක් ක්‍රියාත්මක කරවිම සඳහා පමණක් අවශ්‍ය දැනුම ලබා ගත හැකි වන ආකාරයට නිපදවා ඇත.
උදා:                       GUI Programming (Graphic User Interface)
                              Input & Output
                              Network
                              XML
                              Cobra
                              applets
                              Java Beans
                              Security 
                              Database   
           මේ සඳහා නිදසුන් වේ. මේ එකින් එක අප ඉදිරියේදී කතා කරමු

2. J2ME -  Java 2 Platform Micro Edition
                 
                  ප්‍රධාන වශයෙන් ඉලෙක්ට්‍රොනික උපකරණ වලට සකසා ඇති විවිධ application නිපදවා ඇත්තේ මෙම Java ME මගිනි. ජංගම දුරකථන, රැහැන් රහිත විවධ උපකරණ , PDA , etc. ආදී උපකරණ වලට අවශ්‍ය application නිපදිවිමට මෙම Java ME යොදාගනී. මා ඉහතදී ප්‍රකාශ කළා මෙන් ලොව පුරා ඇති ජංගම දුරකථන 3 8000 000ක්ම ක්‍රියාත්මක වන්නේ මෙම ජාවා ME වැඩසටහන් වලින් ලියූ application වලිනි.

3. J2EE - Java 2 Platform Enterprise Edition 
              
               අන්තර්ජාලය හා සම්බන්ධව ක්‍රමලේඛන කිරීමට J2EE යොදා ගනී.මෙය උදාහරණ සැපයු විට ගොඩක් පැහැදිලි වනු ඇත.
උදා:
                             Java Server Pages (JSP)
                             Java Database Connectivity (JDBC)
                             Extensible Markup Language (XML)
                             Java Naming and Directory Interface (JNDI)
                             Java Transaction Service (JTS)
                             Java Transaction API (JTA)
                             Java Messaging Service (JMS)
                             Java IDL
                             Java Mail
                             Java Web Service
              ඔන්න ඕවා තමයි උදාහරණ. උදාහරණ දුන්නට පස්සේ තේරේවි කිව්වට අලුතෙන් ඉගෙන ගන්න කෙනෙක්ටනම් මේවා නිකන් මැජික් වචන වගේ ඇති නේද, බය වෙන්න එපා මමත් ඉගෙන ගන්න හදපු මුල්ම දවස් වල ඔහොමම තමා. ඔක්කොම නිකන් Harry Potter වගේ. ඉස්සරහට මේ ඔක්කොම එකින් එක මම පැහැදිළි කරනවා උදහරනත් සමගම. හොඳයි ලබන පොස්ට් එකෙන් හමුවෙනකන් ආයුබෝවන්.


ආ කොමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.


අන්තර්ජාලය, Wikipedia, පරිගණක සඟරා අශ්‍රයෙනි 

                             





What is the JAVA (මොනවද මේ ජාවා)

ජාවා 

  • Internet මුලික කොට ගත් ක්‍රම ලේඛන භාෂාවකි (Internet centric).

නිර්මාණය 

  • 1991 දී James Goslin හා Henri MacHilton විසින් නිර්මාණය කරන ලදී. Sun Microsystems සමාගමට මෙය අයිතිය තිබුනද වර්තමානය වන විට Oracle සමාගම විසින් මෙය Sun ආයතනයෙන් මිලදී ගෙන ඇත. ජාවා ක්‍රමලේඛන කටයුතු වලට අදාල සියලුම මෘදුකාංග Oracle වෙබ් අඩවියෙන් Download කරගත හැක.

කළ හැකි දේ

  • ඉතාමත් අලංකාර වෙබ් අඩවි නිර්මාණය සඳහා ජාවා යොදා ගත හැක.මේ සඳහා Servlets හෙවත් JSP (Java Server Pages) යොදා ගැනේ. විශේෂ web browser හරහා මෙම JSP බලා ගත හැක.නමුත් වෙබ් පිටුව බලන්නාට එය වෙනත් භාෂාවකින් ලියා ඇති බව පෙනෙන්නේ නැත.ඒ වගේම ඒවා වෙබ් පිටුවේ වෙනත් කොටස් වලින් වෙන කොට හඳුනා ගැනීමටද නොහැක. මේ නිසා Shopping Carts Online Catalogs වැනි යෙදවුම් නිර්මාණය කළ හැකි අතර වෙබ් පිටුවට database වලින් ඉක්මණට data ලබාගැනීමට හැකි වනු ඇත.
  • ජංගම දුරකථන වලට application ලිවිම සඳහා බහුලව ජාවා ක්‍රමලේඛන භාෂාව යොදාගැනේ.
  • Word Processors ,Spread Sheet , E-mail Client  සහ 3D Games යනාදී වැඩසටහන් අලුතින් තමන්ට කැමති ආකාරයට ලිවීමට ජාවා උපයෝගී කරගත හැක.
වර්තමානය වන විට ලෝකයේ තැන් තැන් වල java developers ලා 5000 000ක් පමණ සිටියි.ජංගම දුරකතන තුන් සිය කෝටි අසූ ලක්ෂයක්ම ක්‍රියාත්මක වන්නේ ජාවා වලින් ලියු වැඩසටහන්වල ආධාරයෙනි.




අන්තර්ජාලය, Wikipedia, පරිගණක සඟරා අශ්‍රයෙනි